විදුහල්පති පණිවිඩය
බ/කෙසෙල්පොත යාය 11 විද්‍යාලය

රඹකැන්පුර ඓතිහාසික ග්‍රාමය පදනම් කරගනිමින් ඌව පළාතේ මහියංගණ අධ්‍යාපන කළාපයේ රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි කීර්තිමත් පාසලකි.
කෘෂිකාර්මික පරිසරයක ග්‍රාමීය ජීවන සුවඳින් පෝෂිත අප පාසලේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ දරුවන්ට සිප් සතර ලබා දෙන තෝතැන්නක් වුවත් මානව සම්පතින් බොහෝ දුරට පෝෂිත වීම නිසාම අභියෝග ජයගත් ඇදුරු හා දරු පිරිසක් සිටීම අපට ඇති ප්‍රමුඛතම ශක්තියකි. රජයේ විභාග ජය ගනිමින් ඉංජිනේරුවන්,නීතිඥයින්,පරිපාලන නිලධාරීන්,ගුරුවරුන් ආදී වෘතිකයින් බිහි කිරීමට මෙන්ම පාසලේ ධෛර්ය සම්පන්න ක්‍රීඩා හා සෞන්දර්යාත්මක ක්ෂේත්‍ර ඔස්සේ ජාතික තලය ජය ගන්නට හිත ඇති දරු පිරිසක් තනන්නට හැකි වූහ. හරි හැටි පහසුකම් නොමැතිවද තොරතුරු තාක්ෂණ අංශයේ ඇදුරුතුමාගේ නොමද කැපවීම හමුවේ එම දරුවන්ද සමඟ මී නිර්මාණය කර ගැනීමට තරම් හැකියාවක් ලබා ගැනීමට අතිශයින් පැසසිය යුතුය. මේ සියල්ල හමුවේ දිනෙන් දින ජය මාවතේ ඉදිරියට පාසල රැගෙන යන්නට වෙහෙසෙන,සහය දෙන සැමට මාගේ ප්‍රණාමය පුද කරන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
ඩබ්.එම්. රුවන් ඉන්දික,
නියෝජ්‍ය විදුහල්පති,
බ/කෙසෙල්පොත යාය 11 විද්‍යාලය