නිලබර දිදුලන හිරු සඳු විලසේ
අප විදුහල් මාතා නිති සැරදේ
කෙසෙල්පොත යාය එකොළහවන මේ
ගම්මානය අපගේ නිජබිම වේ
විද්‍යා ශිල්ප කලා දෙන එකසේ
ඔබ සුරකින්නෙමු අප පණ විලසේ....//
පිණිකැට විසිරෙන විට හිමිදිරියේ
ඔබ වෙත දිව ආවෙමු හද බැතියේ
ඔවදන් දෙන ගුරුමව්පියෝ හමුවේ
අධ්‍යාපනයේ අප සැම නැහැවේ
විද්‍යා ශිල්ප කලා දෙන එකසේ
ඔබ සුරකින්නෙමු අප පණ විලසේ....//
නවලොව ඉදිකෙරුමට යන ගමනේ
ඔබගෙන් ලැබුනා සැම රැකවරණේ
හෙට ලොව අප හට හිමිවන දිනයේ
ඔබටයි මේ සිසු සිරස නැමෙන්නේ....///