(+94) 774033068
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • Register
  • Login
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පූජනීය භූමියක් වූ මහියංගනය ප්‍රදේශයේ අපූර්ව පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයේ ඇති පාසල් අතරින් කීර්තිමත් විදු බිමක් බවට පත් වී ඇත. 

වර්ෂ 1977 පෙබරවාරි 22 වැනි දින කෙසෙල්පොත ගම්මානයේ පැරණි රෙදි වියූ ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ඒ.ඩි. කරුණාතිලක මහතාය. එතුමන් පාසලේ පැවැත්ම උදෙසා මහත් වෙහෙසක් දැරූ පුද්ගලයෙකි.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඩි.එම්. කරුණාසුන්දර සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 5  ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. පාසල ආරම්භයේදීම ගොඩනැගිලි 2කින් හා සිසුන් 121 දෙනෙක් සිටි අතර ගම් වැසියන්ගේ සහයෝගයෙන් හා කැපවීමෙන් පාසැල තවත් දියුණු තත්වයට පත් විය.  

වර්ෂ 1998 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්,  පුස්ථකාලයක් ද පාසලට එකතු විය. එමෙන්ම 6 සිට 11 ශ්‍රේණි දක්වා ද ඉගැන්වීමේ කටයුතු මේ වකවානුවේදී ආරම්භ විය. ඉන් පසු පාසලේ ප්‍රථමික හා දිවිතික ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක විය.

මේ වන විට විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර පරිගණක ඒකකය පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

 විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 30ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 02කින් සමන්විතය. හයසියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "යහගුණයෙන් පිරි සමාජයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්" යන දැක්ම අනුව යමින් ප්‍රදේශයේ විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1977 පෙබරවාරි 22

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

121

මුල් ගුරුතුමාගේ නම

ඒ.ඩි. කරුණාතිලක මහතා

පාසලේ ආදි කතෘගේ නම

අපවත් වී වදාළ කණුගොල්ලේ රතනජෝති නායක හිමි   

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

පාසල භාරව කටයුතු කිරීම

ඒ.ඩි. කරුණාතිලක මහතා

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩි.එම්. කරුණාසුන්දර

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එච්.එම්. හීන්මැණිකා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1977 පෙබරවාරි 23

 

 

 

Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කෙසෙල්පොත යාය 11 විදුහල, කෙසෙල්පොත, මාපාකඩ වැව.

: (+94)774033068

: [email protected]

Supported By

© 2026 Keselpotha Tract 11 M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk